Friday, July 13, 2012

සාශා


සාශා
මට ඉස්සෙල්ලාම ඔබ හමුවුනු දිනය
තවමත් මතකයි
ඒ ගෝර්කිගෙ අම්මා පොතෙන්
එදා වගේම
ඒ සාශාට
මම හරි ආදරෙයි
ඔබත් මට ආදරේ බව
මම දන්නවා
හැබැයි ඒ
හුණුවටයේ ගෲෂා
මයිකල්ට කුමාරයාට
තිබ්බා වගේ
නෙමෙයි කියල මම හිතනවා
ඒ ගෲෂා
ඔබ සාශා
පුංචි තිත් දෙකක් ඇති ‍ඔබේ මුහුණ
මට මැවිලා පේනවා
වොඩ්කා බිංදුවක් වගේ ඔබ
හරිම කුල්මත්
බැලලයිකාවෙන් වැයෙන ස්වරයක්
වගේ ඔබ ගීතවත්
ඔබත් එක්ක තනියම
කතා කරමින්
ඔබේ සුදු අතගෙන
පොප්ලර් ගස් වැවුනු
මිටියාවතේ
ඇවිදින්න ආසයි
ඉතින් ඔබ මගේ ලඟ නෑ
ඒත් ඔබ හැමදාම මගේ හිතේ
ලැගුම්ගෙන ඉඳියි
ඉඳින් මම හැමදාම
ඔබ‍ට සාශා යයි අමතමි
මට කල හැක්කේ එපමණයි

Monday, July 9, 2012

හුගක් දෙනා අහල තියන වචන ටිකක්

ඔයාට
මං
නැතුව
ඉන්න
පුළුවන්ද?

ඔව්
මට පුළුවන්!.

එහෙමද?
මං හිතුවෙ
මට වගේ
ඔයාටත්
මං නැතුව
ඉන්න බැරුව
ඇති කියල
හම්!..