Saturday, January 14, 2012

සුළඟ නුඹයි

කිව්වත් වගේ
ඔව් ඔබ සුළඟ වගේ තමයි
මම ගහක් වගෙයි
ඔබේ ඔය මදනල විඳින්න 
මම හරි ආසයි
එතකො‍ට මගේ අතුකොළත්
හෙමින් සෙළවෙනවා
ඒත් ඔබ වැඩිපුර ගේන්නෙ
චන්ඩ කුණාටු
ඒවට මාවත් ඇඹරිලා
මගෙ අතු රිකිලිත් 
විනාස වෙනවා
හිටිගමන් ඔබ
ඉමිහිරි මල් සුවඳක් ගේනවා
ඒ ගේන මල් සුවඳ
කාලෙකට මතක තියනවා
හැබැයි
කොහෙදෝ ඈත කුණුවළකින් ගේන
කුණු ගඳත් ගේන්නෙ ඔබමයි
ඒ ගඳ අර මල් සුවඳ
පරයා එනවා
මම ගහක් වුනත්
සුළඟ,
ඔබ මාව රිසි විදිහට 
පාලනය කරනවා
ඔබට සුළඟ වගේ යන්න පුළුවන් වුනත්
මම ගහක්
මට ඔබට වගේ යන්න විදිහක් නෑ
ඇත්තටම ඔබ 
සුළඟ වගේ තමයි

Wednesday, January 11, 2012

Cat වෝක්


හොර බැලලි
කැට් වෝක් එකෙන්
ගෙට රිංගලා
මාළු ඇතිලියම කනකං
මම ටී වි එක ඉස්සරහ
ෆැෂන් ෂෝ බල බල
හිටපු අපූරුව